හමුදාපති වෙනුවෙන් සජිත් පාර්ලිමේන්තුවේදී ඉල්ලූ දේ

Picture of අසංක

අසංක

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඉදිරි දිනවල දී මෙරට සංචාරයේ නිරත වන අතරතුර, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට පනවා ඇති ඇමරිකානු තහනම ඉවත් කරන්නැයි රජය ඉල්ලා සිටිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ඉල්ලීමක් කර තිබේ.

පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකවරයා මෙම ඉල්ලීම කර ඇත.

මානුෂීය මෙහෙයුමේ අවසන් සටනට සහභාගි වූ මෙරට හමුදා නිලධාරීන්ට එරෙහිව ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය හමුවේ පවතින චෝදනා හේතුවෙන් එවැනි චෝදනා එල්ල වූ අයකු මෙරට හමුදාපති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් අමරිකාව දිගින් දිගටම විරෝධය පළ කර සිටියේය.

ඒ අනුව ඔවුන්ගේ තීරණය වූයේ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ අයට අමරිකාවට ඇතුළුවීම තහනම් කිරීමයි.