නවතම පුවත්

“ජනාධිපතිතුමා අශ්වයෙක් වටේ ඉන්නේ ඔක්කොම කොටළුවෝ”- සජබ මන්ත්‍රීනී ඩයනා මැතිසබේදී හේතු කියයි

අසංක

අසංක

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය පූර්ණ සහයෝගය පළ කරන බවට පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කර තිබේ.

ඇය ඊයේ විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දීම හේතුවෙන් සමගි ජන බලවේගය විසින් විනය පරීක්ෂණයක් පැවැත්වීමට ද පියවර ගෙන ඇත.

මීට ටික වෙලාවකට පෙර ඩයනා ගමගේ මන්ත්‍රීවරිය විසින් පහත අදහස් දැක්වූවාය.

“මම මගේ රටට ආදරෙයි. ඒ නිසා මම ඊයේ තීරණයක් ගත්තා.

ගෝඨාභය රාජපක්ෂ මහතාට තුනෙන් දෙකක බලාක් දීලා හැටනව ලක්ෂයක් ඡන්දය දීලා අත්බැඳලා කියනවා පීනන්න කියලා. පීනන්න පුළුවන් අත් බැදලා තියෙද්දි බෑ ගිලෙනවා. අපි එතකොට හිනා වෙනවා ආ ගිලෙනවා කියල එක හරිද?

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අශ්වයෙක්. වටේ ඉන්නේ ඔක්කොම කොටලුවෝ. අනිත් අය ඔක්කොම කොටලුවෝ. කොමිශන්වලට පත්කරල තියෙන්නෙ කවුද? වැඩකරන්න පුළුවන් මිනිස්සුද?

මේ රට හදන්න නම් කුහකකම, ඉරිසියාව අයින් කරන්න ඕනේ. රට හදන්න නම් බලයක් එක්ක ජනාධිපති කෙනෙක් ඕනෙ. ඒකයි මම ඒකට ඡන්දය දුන්නේ. සජිත් මහත්තයා මේක ඉල්ලුවනම් එතුමාටත් මම මගේ ඡන්දය දෙනවා.

මට කමක් නෑ විනය පරීක්ෂණ පවත්වන්න පුළුවන් ඕනෙ දෙයක් කරන්න පුළුවන්. කමක් නෑ මට රෑට හොඳට නින්ද යනවා. මම මගේ පූර්ණ සහය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට දෙනවා.”

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා