20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද් කුමාර් දෙමළ ප්‍රගතිශිලි සන්ධානයෙන් ඉවත් කරන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.
සිය සමාජ මාධ්‍ය ගිණුමට පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පවසා ඇත්තේ අරවින්ද් කුමාර් මන්ත්‍රීවරයාගේ සමාජිකත්වය දෙමළ ප්‍රගතිශිලි සන්ධානයේ දේශපාලන මණ්ඩලය විසින් අත්හිටුවනු ඇති බවය.
ඊට අමතරව ඔහු නියෝජනය කරන කඳුරට ජනතා පෙරමුණෙන් ඉල්ලිමක් කරන බවද ඔහු සිට පණිවුඩයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
20 ට පක්ෂව ඡන්දය දුන් දමිළ ප්රගතිශීලී සන්ධානයේ මන්ත්‍රී අරව්න්ද්කුමාර් පක්ෂයෙන් නෙරපීමට තීරණය කෙරුණා . <දප්‍රස නායක මනෝ ගනේසන්>
— Mano Ganesan (@ManoGanesan) October 23, 2020