PCR පරීක්ෂණ කට්ටල තොගයක් චීනයෙන්

Picture of අසංක

අසංක

PCR පරීක්ෂණ කට්ටල තොගයක් ශ්‍රී ලංකාවට ලබා දීමට චීන රජය තීරණය කර ඇත.

ඒ අනුව PCR පරීක්ෂණ කට්ටල 25,000ක් ශ්‍රී ලංකාවට ලබා දීමට චීන රජය සැලසුම් කර ඇති බවද මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කර ඇත.

එසේම ඉදිරියේදී තවත් සෞඛ්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාවට ලබාදීමට චීන රජය සැලසුම් කර ඇති බවද තානාපති කාර්යාලය සඳහන් කර ඇත.