නවතම පුවත්

ජෝර්ජ් ස්ටුවර්ට් ටීස් වෙතින් නවීන තේ සැකසුම් මධ්‍යස්ථානයක් කැලණියේ

අසංක

අසංක

ජෝර්ජ් ස්ටුවර්ට් ටීස් සමාගම නවීන තාක්‍ෂණයෙන් සමන්විත තේ සැකසුම් සහ ඇසුරුම් මධ්‍යස්ථානයක් කැලණිය තල්වත්ත ප‍්‍රදේශයේදී ආරම්භ කිරීම සඳහා මුල්ගල් තැබීය. අක්කර 6 ක භූමි ප‍්‍රමාණයක වර්ග අඩි 150,000 ක ප‍්‍රමාණයෙන් යුතුව ඉදිවන මෙම කර්මාන්ත සංකීර්ණය තේ සහ ඇසුරුම් ද්‍රව්‍ය ගබඩා කිරීම, සැකසීම, මිශ‍්‍ර කිරීම, පැකට් කිරීම සහ ඇසුරුම ආදී පහසුකම් රැසකින් යුක්ත වේ.

තවද ISO 9001:2015″ ISO 22000:2018″ HACCP, ඉහළ නිෂ්පාදන කාර්යයක් සඳහා වන ප‍්‍රමිතිගත සහතිකය සහ පරිසර හිතකාමී තත්ත්ව සහතිකයන්ට යටත්ව මෙම නිෂ්පාදන ක‍්‍රියාවලිය දියත් කරනු ඇත. වරකට තේ කිලෝ ග‍්‍රෑම් මිලියනයකට අධිකව ගබඩා කිරීමේ පහසුකම් සහිතව ඉදිවන මෙම කර්මාන්ත ශාලා සංකීර්ණය, තේ වල නැවුම් බව සහ ගුණාත්මක බව ආරක්‍ෂා කිරීම වෙනුවෙන් උෂ්ණත්වය පාලනය කිරීමේ සිසිලන කාමරයන්ගෙන්ද සමන්විත වේ.

විශේෂයෙන් මෙම කර්මාන්ත සංකීර්ණය තේ ගැනුම්කරුවන්ගේ ගබඩා වලට සමීපව, අධිවේගී මාර්ගයට පහසුවෙන් ප‍්‍රවේශ විය හැකි ස්ථානයක ඉදිකිරීම හේතුවෙන් ඉතා පහසුවෙන් වරාය, ගුවන් තොටුපල මෙන්ම රටේ වෙනත් ප‍්‍රදේශයන් වෙත ක්‍ෂණිකව ප‍්‍රවාහනය කිරීමේ පහසුව ලැබීම හේතුවෙන් දේශීය සහ අන්තර්ජාතිකව සිය නිෂ්පාදන බෙදාහැරීමේදී මෙය ව්‍යාපාර ක‍්‍රමෝපායිකව ඉතා වැදගත් ස්ථානයක් වනු ඇත.

විශේෂයෙන් නවීන තාක්‍ෂණයෙන් යුතු ස්වයංක‍්‍රීය මැෂින් අධාරයෙන් සිදුවන නිෂ්පාදන කාර්යයන් මෙන්ම බහු ස්ථර ගබඩා රාක්ක වලින් ද මෙම කර්මාන්ත සංකීර්ණය සමන්වත වේ. තවද අන්තර්ජාතික ගැනුම්කරුවන් සඳහා පරීක්‍ෂා කිරීමේ සහ තේ රස බැලීමේ පහසුකමද මෙම ආයතනය තුළ සකසා ඇති බැවින් එකම ස්ථානයක් තුළ තේ යායක අත්දැකීම ලබා ගැනීමේ හැකියාව ගනුදෙනුකරුවන් වෙත උදාවේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා