ඇමරිකානු රජය කොරෝනා පාලනය නවතා දමයි

Picture of අසංක

අසංක

ඇමෙරිකාව තවදුරටත් එරට කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට පියවර නොගන්නා බව එරට රජය නිවේදනය කර ඇත.

ඇමෙරිකානු ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානී මාක් බටෝස් මහතා මේ බව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත .

රෝගීනට ප්‍රතිකාර ලබාදීම ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩසටහන් ඉදිරියටත් ක්‍රියාත්මක කලද , වෛරස ව්‍යාප්තිය පාලනයට අදාළ පර්යේෂණ හා වැඩසටහන් ඉදිරියේදී ඇමෙරිකාව විසින්ක්‍ රියාත්මක නොකරන බව මෙම නිවේදනයේ දැක්වේ,

ඒ වෙනුව , කොරෝනා මැඩලීම සඳහා වන එන්නතක් නිපදවීම කෙරෙහි මෙන්ම ඊට අවශ්‍ය ප්‍රතිකාර ක්‍රම සොයාගැනීම ඇමෙරිකාව ඉදිරියේදී වැඩි අවධානයක් යොමු කරන බවත් නිවේදනයේ දැක්වේ