නවතම පුවත්

අපනයන නිෂ්පාදන ගම්මාන වැඩසටහනක් ඇරඹේ

අසංක

අසංක

ග්‍රාමීය නිෂ්පාදන විධිමත් ව්‍යාපාර ආකෘතියක් තුළ සංවර්ධනය කර අපනයන සැපයුම් දාම හා සම්බන්ධ කිරීමටත්, ආනයන ආදේශන ලෙස දේශීය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරීමටත් හැකිවන අයුරින් අපනයන නිෂ්පාදන ගම්මාන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇත.

හඳුනාගනු ලබන ප්‍රදේශයක් තුළ විසිරී සිටින සමජාතීය නිෂ්පාදකයින් අපනයන නිෂ්පාදන ගම්මාන සමාගමක් ලෙස ඒකරාශී කර එම නිෂ්පාදන අපනයන වෙළඳපොළට යොමු කිරීම සඳහා අවස්ථා විවර කර දීමත්, එහිදී නිෂ්පාදකයන්ට මුහුණ දීමට සිදු වන ගැටලු අවම කර පිළියම් යෙදීමත්, එම වැඩසටහන මගින් අරමුණු කෙරේ.

කෘෂිකාර්මික, ධීවර, කාර්මික හා සේවා යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි එම අපනයන නිෂ්පාදන ගම්මාන පිහිටුවීමටත්, ප්‍රධාන පෙළේ අපනයන සමාගම් සමඟ ඉදිරි වෙළඳ ගිවිසුම්වලට එළඹීමෙන් එකී අපනයන ගම්මාන සමාගම්වලට තිරසර පැවැත්මක් සලසා දීමටත් අපේක්ෂා කර ඇත.

ඒ අනුව, වෙළෙඳ අමාත්‍යාංශයේ මග පෙන්වීම මත ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් අවශ්‍ය ප්‍රතිපාදන යොදවමින් එම යෝජිත වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස වෙළෙඳ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි