නවතම පුවත්

ඇපල්වත්ත මහල් නිවාස සංකීර්ණයේ දෙවන අදියර ඇරඹේ

අසංක

අසංක

මාළිගාවත්ත, ඇපල්වත්ත නිවාස සංකීර්ණ ව්‍යාපෘතියෙහි දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මහතා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අද (03) දින ආරම්භ කෙරිණ.

අඩු පහසුකම් ජනාවාසවල ජීවත්වන අසරණ පවුල් වෙනුවෙන් සෞභාග්‍යයේ ඉදිරි දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව මෙම නිවාස ලබා දීමට නියමිතය.

නිවාස ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණේ නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙනි.

එක් නිවසක් වර්ග අඩි 550 ක් වන සේ නිවාස ඒකක 700 ක් මෙම මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීමට නියමිතය.

මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 4,000 ක් වන අතර වසර 2 1/2 ක් ඇතුළත මෙම නිවාස ඉදිකර ජනතා අයිතියට පත් කිරීමට නියමිතව ඇත.

අක්කර 12 ක භූමි භාගයක මෙම මහල් නිවාස ඉදිකෙරෙන අතර එහි පළවෙනි අදියර “මෙත්සඳ සෙවන නිවාස ව්‍යාපෘතිය” ඉදිකර ජනතාව අතට පත්කර ඇත. එය නිවාස ඒකක 472 කින් සමන්විත වේ.

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ ණය ආධාර මත මෙරට නිවාස 5,500 ක් සෑදීමේ ව්‍යාපෘතිය යටතේ මෙම ඇපල්වත්ත මහල් නිවාස සංකීර්ණයේ 02 වන අදියරෙහි ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි