නවතම පුවත්

මළ සිරුරක් තුළ පැය 18කට පසුවත් කොරෝනා වෛරසය සක්‍රිය බවට නවතම සොයාගැනීමක්

අසංක

අසංක

පුද්ගලයකු මියගොස් පැය 18 කට පසුව පවා ශරීරය තුළ කොවිඩ් වෛරසය සැඟවී සිටිය හැකි බවට නවතම පර්‍යේෂණයකින් තහවුරු වී තිබේ.

මේ අනුව නවතම නිගමනය වී ඇත්තේ, සියළුම COVID-19 මළ සිරුරු ආදාහනය කළ යුතු බවය.

ඉන්දියාවේ බෙංගාලූරුහි දින 14 ක් ප්‍රතිකාර කිරීමෙන් පසු මියගිය 62 හැවිරිදි කොරෝනා රෝගියෙකුගේ මළ සිරුර පිළිබඳ සායනික මරණ පරීක්ෂණයකදී මුඛය, උගුර සහ නාසික ප්‍රදේශය තුළ වෛරසය ක්‍රියාකාරීව ඇති බව හෙළි වී ඇත.

එම පරීක්ෂණය සිදුකර තිබුණේ පුද්ගලයා මියගොස් පැය 18 කට පසුවයි.

ඉන්දියාවේ පළමුවරට මෙම සොයාගැනීම කර ඇති බවත් පසුගිය සතියේ මුලදී එය සිදු කරන ලද්දේ අධිකරණ වෛද්‍ය විශේෂඥ දිනේෂ් රාඕ විසින් බවත් එරට මාධ්‍ය වාර්තා පවසයි.

“මම මරණ පරීක්ෂණය භාර ගත්තේ රෝග ක්‍රියාවලිය සහ එහි ප්‍රතිඑල අවබෝධ කර ගැනීමටත්, ප්‍රතිකාර ක්‍රම වෙනස් කිරීමට අවශ්‍යතාවයක් තිබේදැයි අධ්‍යයනය කිරීමටත්. මා ගත් විවිධ සාම්පලවලින්, මුඛයෙන්, උගුරෙන් සහ නාසයෙන් ආර්ටී-පීසීආර් ධනාත්මක බව තහවුරු වුණා. මුහුණේ, බෙල්ලේ හෝ අභ්‍යන්තර අවයවවල ශ්වසන මාර්ගය සහ පෙනහළු වැනි වෛරස් පිළිබඳ පරීක්ෂාවේදී එවැනි කිසිදු හෝඩුවාවක් තිබුණේ නෑ. එයට හේතුව පෙනහළු මතුපිට ආධිපත්‍යය දැරුවේ බැක්ටීරියා ආසාදන නිසා ”යැයි වෛද්‍ය රාඕ කියාසිටී.

“පෙනහළු සාමාන්‍යයෙන් මෘදු ස්පොන්ජ් බෝලයක් වගෙයි. එය සාමාන්‍යයෙන් බර ග්‍රෑම් 600-700 ක් පමණ වනවා. නමුත් මෙම වෛරසයට ගොදුරු වූ අයගේ පෙනහළු වල බර ග්‍රෑම් 2,180 ක් වනවා. එහි රුධිර කැටි ගැසීම් ඇති වී වාතය කැඩී යයි. වෛරසය පෙණහලුවලට කර ඇති දේ දැකීම කම්පනය දනවන්නක්.

මෙම සොයාගැනීම්වලින් පෙනී යන්නේ කෘතිම වාතාශ්‍රය හෝ ඔක්සිජන් පාලනය මගින් රෝගියාට උදව්වක් නොමැති බවයි. රෝගියාට මුලින් ශරීරයේ කැටි ගැසීම් සම්බන්ධ වන ත්‍රොම්බොලිටික් ප්‍රතිකාර අවශ්‍යයි. වායු මලු කැටි ගැසීම්වලින් පිරී තිබූ අතර එය පළමුව විසුරුවා හැරිය යුතුව තිබුණා.

“ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිර්දේශ කරන දේ අන්ධ ලෙස අනුගමනය කරනවා වෙනුවට රෝග ක්‍රියාවලිය අවබෝධ කර ගැනීමට සහ අපගේ ප්‍රතිකාර ක්‍රම වෙනස් කිරීමට අපට තවත් පර්යේෂණ අවශ්‍යයි. ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය (ICMR) විසින් ඉදිරිපත් කර ඇති සියලුම මාර්ගෝපදේශ සහ ප්‍රතිකාර ප්‍රොටෝකෝල පදනම් වී ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ සහ ජාත්‍යන්තර දත්ත මත ය.

කිසිවෙකු තමා හා එක්වීමට අකමැති බැවින් පැය 1.10 ක මරණ පරීක්ෂණය තනිවම කළ වෛද්‍ය රාවෝ කියා සිටියේ දේහය ඔසවා මරණ පරීක්ෂණ මේසය මත තබා ගැනීමට පමණක් තමාට උදව් ලැබුණු බවයි. “තවත් පරීක්ෂණ කිහිපයක් තිබේ – ප්‍රතිශක්තීකරණ රසායන විද්‍යාව, ශරීරයේ සීටී ස්කෑන්, ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය හා වෛරස් පරීක්ෂණ – මට කිරීමට අවශ්‍ය නමුත් පහසුකම් නෑ. මේ සම්බන්ධයෙන් වැඩි පර්යේෂණ අවශ්‍යයි” යැයි හෙතෙම අවධාරණය කරයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා