නව අමාත්‍යංශ දෙකක් ගැසට් කරේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නව අමාත්‍යාංශ දෙකක් පිහිටුවීම සහ අමාත්‍යාංශ කිහිපයක විෂයයන් සංශෝධනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභයා රාජපක්ෂ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ‍ජනාධිපතිවරයා  සිකුරාදා විසින්  (20) මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

ගැසට් නිවේදනයට අනුව මහජන ආරක්ෂක අමාත්‍ය ලෙස නව කැබිනට් අමාත්‍ය ධුරයක් හඳුන්වා දී ඇති අතර පොලිස් දෙපාර්තමේන්තුව එම අමාත්‍යාංශය යටතට පත් කර ඇත. මින් පෙර පොලිස් දෙපාර්තමේන්තුව අභ්‍යන්තර ආරක්ෂාව, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා යටතේ තබා තිබිණ.

තාක්ෂණ අමාත්‍යංශය ලෙස තවත් නව අමාත්‍යාංශයක් ස්ථාපිත කර ඇති අතර සෙසු අමාත්‍යාංශ කිහිපයක විෂයයන්ද සිකුරාදා නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව සංශෝධනය වී තිබේ.