පාසල් අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මව්පියන් ඇතුළු පාසැල් ප‍්‍රජාව වඩාත් සුදුසු තීරණය ගත යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය සනහන් කර ඇත.
රටතුළ පවතින කොවිඞ් තත්ත්වය මොහොතින් මොහොත වෙනස් වන පසුබිමක පවතින බවත් ඒ අනුව සලකා බලා පාසල් පිළිබඳව තීරණයන් ඉදිරියේදී ගත යුතුව ඇති බවත් අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා මාධ්‍ය වෙත පවසා ඇත.
මේ තත්වය මත සියලූ පාසැල් පිළිබඳ පොදු තීරණයක් කි‍්‍රයාවට නැංවීම ප‍්‍රායෝගිකව අපහසු බවද ලේකම්වරයා සඳහන් කර ඇති අතර ඒ අනුව මව්පියන් හා පාසල් ප්‍රජාව ඒ ගැන වඩා සුදුසු ක්‍රියාමාර්ග ගත යුතු බවද ඔහු පවසා සිටී.
කෙසේ වෙතත් ඊයේ දිනයේ පාසැල් වෙත ගුරුවරුන්ගේ සහ සිසුන්ගේ පැමිණීම සතුටුදායක බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කර ඇත.