ලංගම බස් මගීන්ට කොරෝනා හැදුණොත් රක්ෂණයෙන් ගෙවීම්

Picture of අසංක

අසංක

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවලින් ගමන් ගන්නා මගීන් සඳහා කොවීඩ් සහන රක්ෂණ අරමුදල නමින් විශේෂ ආරක්ෂණ අරමුදලක් පිහිටුවීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු යොදා ඇත .

ඒ අනුව ලංගම බස් රථයක ගමන් කිරීමේදී කොවිඩ් ආසාදනය වුවහොත් එම ආසාදිත මඟියාට රුපියල් 10,000 ක ගෙවීමක් සහ යම් මගියකු කොවීඩ් ආසාදනය වීමෙන් මියගිය හොත් ඔහුට රුපියල් 50,000 ගෙවීමක් සිදුකරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා මාධ්‍ය වෙත අද පැවසීය .

මෙම ආරක්ෂණ අරමුදලේ ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා මගින් තමන්ගේ ටිකට් පත ළඟ තබා ගැනීම අනිවාර්ය බවද සභාපතිවරයා සඳහන් කළේය.

ලංගම බසය ගමන් කිරීමෙන් කොරෝනා ආසාදනය වී ඇති බවට කොවීඩ් විශේෂ බලකාය, ලංගම බුද්ධි අංශ, සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සහ වෛද්‍යවරු මඟින් තහවුරු කළ පසු මෙම මුදල් ගෙවීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.