Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ගූගල් – ෆේස්බුක් – ට්විටර්
පාකිස්තානය අත්හැරීමට සැරසෙයි
පැතුම් වික්‍රමරත්න
පකිස්ථාන රජය විසින් පනවා  ඇති දැඩි නීති හා වාරණ හේතුවෙන් ගූගල්, ෆේස්බුක්, සහ ට්විටර් යන සමාජ මාධ්‍ය ජාල එරටින්  ඉවත් වීමට සූදානම් වෙමින් ඇති  බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටී
පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් විසින් අදාළ  මාධ්‍ය රොගුලාසි සම්පාදනය කරන බලධාරීන් වෙත දැඩි බලතල පැවරීමත් සමග මේ තත්ත්වය උද්ගතව ඇත .
නව රෙගුලාසි යටතේ ඉස්ලාම් ධර්මයට අනනුකූල දෑ, ත්‍රස්තවාදයට අනුබල දීම, ද්වේශසහගත ප්‍රචාර මෙන්ම   එරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන කිසිදු  ප්‍රකාශනයක්‌ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කල නොහැක.
එවැනි වරදකදී එම මාධ්‍ය ආයතනයට හෝ අන්තර්ජාල පහසුකම් සපයන ආයතනයට අමෙරිකානු ඩොලර් මිලියන 3.14 ක් වන්දියක් ගෙවීමට සිදු වනු ඇත.
ගූගල්, ෆේස්බුක් සහ ට්විටර් යන සමාජ මාධ්‍ය ජාල පැවසුවේ, තමන් මෙම තීරණය සම්බන්ධයෙන් විමතියට පත්වන බවය.