නවතම පුවත්
උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොරෝනා පැතිරුණු ප්‍රදේශ දෛනිකව සිතියම්ගත කර ජනතාවට නිකුත් කෙරේ

පැතුම් වික්‍රමරත්න

කොරෝනා රෝගීන් මතුවන ග්‍රාම නිලධාරී කොට්ඨාශ දෛනිකව සිතියම් ගත කර එළඹෙන සඳුදා සිට මාධ්‍ය වෙත හා මහජනතාවට නිකුත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු යොදා ඇත.

කොවිඩ් 19 අවදානම් කලාප කඩිනමින් හඳුනා ගැනීම සඳහා ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටම දක්වාම සිතියම් ගත කිරීමේ මූලික කටයුතු මේ වනවිටත් අවසන් කර ඇති බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කර සිටී.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ එක්ව තම සංගමය මෙම සිතියම් ගත කිරීමේ කටයුතු සිදුකර තිබෙන අතර ඒ අනුව රෝගීන් මතුවන කලාප සිතියම් ගත කිරීම හරහා තීන්දු තීරණ ගන්න අයට නිවැරදිව එම තාක්ෂණික තොරතුරු ලබා දීමට හැකි බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කළේය.

එම සිතියම් ගත කිරීමෙන් මහජනතාව විසින් මඟහැර සිටිය යුතු කලාප නිවැරදි ලෙස හඳුනා ගැනීමට හැකි වන අතර රතු කලාපවල සිටින අයට තමන්ගේ කලාපය කොළ කලාපයක් කර ගැනීමටත් කොළ කලාපවල සිටින අයට සිය කලාප රතු කලාපයක් කර නොගැනීමටත් උනන්දුවක් ඇතිවන බවද ඔහු සඳහන් කරන ලදී.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා