කොරෝනා හමුවේ විදෙස්ගත ලාංකිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් කෝටි 10ක්

Picture of අසංක

අසංක

කොරෝනා වසංගතය හමුවේ විදෙස්ගත ලාංකිකයින්ගේ සුභ සාධනය වෙනුවෙන් විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සේවා 42 ක් සදහා රුපියල් කෝටි 10 ක ප්‍රතිපාදන වෙන් කරදීමට විදේශ අමාත්‍යාංශය මේ වනවිට පියවර ගෙන ඇත.

දැනටමත් මෙම මුදල් වලින් රුපියල් කෝටි 7කට අධික මුදලක් විදෙස්ගත ලාංකිකයින්ගේ විවිධ අවශ්‍යතා වෙනුවෙන් වියදම් කර ඇති අතර ඉන් වැඩිම මුදලක් වැය කර ඇත්තේ කටාර් හී දෝහා නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසිනි. එම මුදල රුපියල් 42, 25,000කට අධිකය

මීට අමතරව රුපියල් 40,53,000 ක මුදලක් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් වියදම් කර ඇති අතර ඩුබායි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය රුපියල් 340,000ක මුදලක් ලාංකිකයින් සදහා වෙන් කරනු ලැබ ඇත.