නවතම පුවත්

ආසියානු සිනමා උළෙලේ විශිෂ්ටතම ළමා නළුවා මෝදිත දාබරේ

අසංක

අසංක

පසුගිය 21දා ඇමරිකාවේ ලොස් ඇනජලිස් හි පැවති දෙවන ආසියානු සිනමා උළෙලේ (Asian Film Festival) විශිෂ්ටතම ළමා නළුවා ලෙස ශ්‍රි ලංකාවේ මෝදිත දාබරේ ජයග්‍රහණය ඇත.

දාහත් (17) හැවිරිදි මෝදිත දාබරේ කොළඹ රෝයල් ඉන්ස්ටිටුයිට් හි ශිෂ්‍යයෙකි.

ඔහුගේම වයසේ පාසල් සිසුවෙකු වන තිසෙන උමගිලිය අධ්‍යක්ෂණය කළ Catharsis කෙටි චිත්‍රපටයේ හි රඟපෑ ප්‍රධාන චරිතය වෙනුවෙන් මෝදිත දාබරේට මෙම Golden Diamond Award සම්මානය හිමි විය.

තරඟ ඉසව් විස්සක් ඔස්සේ මෙම සිනමා උළෙල පැවතුනි. කෝවිඩ්-19 තත්වය නිසා අන්තර්ජාලය ඔස්සේ පැවැත් වූ මෙම සම්මාන උළෙල එම සිනමා උළෙලේ සභාපති Holames Stoner මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූණි.

හොඳම ළමා නළුවා සම්මානය සඳහා චීනය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, වෙනිසියුලාව සමඟ මෝදිත නාමයෝජනා වී තිබුණි.

ළමා වියේ සිට තරුණ විය කරා ලඟාවන දරුවෙකු තුළ ඇති වන සංක්‍රාන්ති මානසික භාව විශෝධනය එම රංගනයේ පදනම් ප්‍රස්තුතය විය.

මෙම චිත්‍රපටයේ සියළුම නිර්මාණ ශිල්පින් වයස අවුරුදු (17 ) දාහතට අඩු අයවීම මෙහි විශේෂත්වයයි.

තිරරචනය තිසෙන් උමගිලිය සහ සඳලි පතිරණ ගෙනි. කැමරාව තිළින ප්‍රසාද්. නිෂ්පාදනය ශිරාන් මහේන්ද්‍ර සහ තිසෙන් උමගිලිය.

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා