කොවිඩ්-19 ආසාදිතයින් හඳුනාගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ සිදුකළ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව මිලියනය ඉක්මවා තිබේ.
ඒ අනුව පීසිආර් පරීක්ෂණ සංඛ්‍යාව 10,11,919 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
දිවයින පුරා පිහිටි රෝහල්, විශ්වවිද්‍යාල සහ පර්යේෂණාගාර 28ක මේ වන විට පීසිආර් පරීක්ෂණ සිදුකරනු ලබයි.
ඉන් වැඩිම පිසිආර් පරීක්ෂණ සංඛ්‍යාවක් සිදුකර ඇත්තේ වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් වන අතර එම සංඛ්‍යාව 133,188කි.
මෙතෙක් සිදුකළ වැඩිම පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව ලෙස ඊයේ දිනය තුළ 17,425ක් සිදුකර ඇත.