මෙරට ජනතාවට ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් නිපද වූ කොවිඩ් එන්නත ලබන මාසයේදී ශ්‍රී ලංකාවට ගෙන්වනු ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
මේ අනුව ලබන මස සිට ශ්‍රී ලංකාවේ ජනතාවට ලබාගත හැකිවනු ඇත.
කොවිඩ් මර්දන එන්නත ලබාදීමේදී වයෝවෘද පුද්ගලයින්ට ප්‍රමුඛතාවය ලැබෙන අතර, සෞඛ්‍ය අංශයට ද එන්නත ලබාදීමට කටයුතු කරන බව පසුගියදා වාර්තා වූ අතර කොවිඩ් මර්දනය සදහා නිෂ්පාදනය කර ඇති ෆයිසර් එන්නත අධික ශීත ස්ථානයක තැන්පත් කළ යුතු බැවින් එය ප්‍රායෝගිකව මෙරට තුළ භාවිතා කළ නොහැකි තත්වයක් ඇති අතර දැනට ඇති වඩාත්ම සුදුසුම එන්නත ඔක්ස්ෆර්ඩ් විශ්වි විද්‍යාලය විසින් නිෂ්පාදනය කළ එන්නත බැවින් වෛද්‍ය අංශ මගින් ඒ බව තහවුරු කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.