කොවිඩ් එන්නත් නිෂ්පාදනය කරන රටවලින් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රදානයන් ලෙස ලැබෙන උපරිම එන්නත් ප්‍රමාණය ලබාගැනීම රජයේ අරමුණ බව ඖෂධ සැපයුම් අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කර සිටී .
මේ පිළිබඳව මාධ්‍ය වෙත කරුණු දක්වමින් ඒ මහතා අද මෙසේද සඳහන් කළේය ,
“ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්රසෙනිකා එන්නත තමයි මුලින්ම ලැබෙන්නෙ ලක්ෂ 5ක්. ඊළඟට තවත් ප්‍රදානයක් අපි බලාපොරොත්තුවෙන් සිටිනවා, චීනයේ නිපදවපු එන්නතත් ප්‍රදානයක් වශයෙන් ලබාගැනීමට අපි මේ වනවිට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම රුසියානු ස්පුට්නික් එන්නතත් ලබාගැනීමට කටයුතු කරමින් යනවා. ඒත් එක්කම ලෝක සෞඛ්‍ය සංවිධානය අපේ ජනගහණයෙන් 20%කට ප්‍රමාණවත් එන්නත් ප්‍රදානයක් හැටියට ලබාදෙන බව තහවුරු කරලා තියෙනවා. ඔවුන් ලබාදෙන්නේ ෆයිසර් එන්නත හෝ වෙනත් එන්නතක් වුණත් ඒ සඳහාත් යටිතල පහසුකම් අපි සූදානම් කරලා තියෙනවා.ප්‍රදානයන් හරහා ලැබෙන උපරිම එන්නත් ප්‍රමාණයක් ලබාගන්න තමයි බලාපොරොත්තුව. මදිපාඩුව මුදලට ලබාගැනීම සඳහා ඉදිරියේදී කටයුතු කරන්න වෙනවා”