තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට කොරෝනා

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බන්ඩාර මහතා ද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

වෛරසය ආසාදනය වූ 6 වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහු ය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, රවුෆ් හකීම් සහ වාසුදේව නානායක්කාර මහත්වරු මේ වන විට සුවය ලබා ඇති අතර ඔවුන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් ඉවත් වී ගොස් ඇත.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මේ වන විට කොග්ගල කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබති.