පාස්කු ප්‍රහාරය පිළිබඳව පිළිබඳ ජනාධිපති කොමිසම විසින් අද(25) දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ගෙන් රෝහලේ දී සාක්ෂි විමසීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
රෝහල්ගතව සිටින ශානි අබේසේකර මහතාගෙන් සාක්ෂි මැසීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ මේ වන විට එම ස්ථානයේ සවි කරමින් පවතින බව වාර්තාවේ.
පාස්කු කොමිසම විසින් සාක්ෂිකරුවෙකුගෙන් රෝහලකදී ලබාගන්නා පළමු සාක්ෂිය මෙය වන අතර එය එම කොමිසමේ අවසන් සාක්ෂිය ද වේ.
ශානි අබේසේකර මහතා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ 42 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටී.
මෙම සාක්ෂි විමසීම සිදු කරනු ලබන්නේ සජීව වීඩියෝ තාක්ෂණය ඔස්සේය.