නව කෘෂිකාර්මික නීතිවලට එරෙහිව, ඉන්දියාවේ ක්‍රියාත්මක විරෝධතා නැවත වරක් උත්සන්න වී ඇත .
තාවකාලිකව, නව නීති අත්හිටුවීමට ඉන්දීය රජය ගෙන ආ යෝජනාව, ගොවීන් ප්‍රතික්ෂේප කළේ, සම්පූර්ණයෙන්ම නීති අත්හිටුවන ලෙස ඉල්ලමිනි.
විරෝධතාවයේ නිරත ගොවීන් ප්‍රකාශ කළේ, හෙට(26) ට්‍රැක්ටර් රැළියක් සංවිධානය කරමින් දිල්ලිය හරහා ගමන් කරනා බවය.
ගොවීන් රැළියක් පැවැත්වීමට සැරසෙන්නේ ඉන්දියාව හෙට(26) 72වැනි ජන රජ දිනය සැමරීමට සුදානම් වන මොහොතකදී බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
කෙසේ වෙතත් ඉන්දීය පොලීසිය දැඩි නිති පනවමින් සඳහන් කර ඇත්තේ ගොවීන්ට දිල්ලි නුවරට පැමිණිය හැකි නමුත් ජනරජ දිනයේ පෙළපාලි සඳහා බාධා කළ නොහැකි බවය.