ශානි පැය 5ක් පාස්කු කොමිසමට සාක්ෂි දෙයි

Picture of අසංක

අසංක

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අද රෝහලේ සිට පාස්කු කොමිසමට පැය පහක ප්‍රකාශයක් ලබාදී තිබේ.

කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන ඒ මහතා අද පස්වරු 2 සිට 7.15 දක්වා ප්‍රකාශය ලබා දී ඇත.

අනතුරුව ඔහු කෙටි විවේකයක් ඉල්ලා සිටි අතර කොමිසම විසින් ප්‍රකාශ සටහන් කරගැනීම හෙට දිනයට කල් තබන ලදී.