පොරොන්දු වූ එන්නත් ප්‍රමාණය සැපයීමට කටයුතු නොකිරීම හේතුවෙන් ඇස්ට්‍රා සෙනෙකා සමාගම සහ යුරෝපා සංගමය අතර මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටී
ඇස්ට්‍රා සෙනෙකා එන්නත් නිෂ්පාදන, සාමාජික රටවල් 27 කින් සමන්විත යුරෝපා සංගමයට පොරොන්දු වූ ප්‍රමාණය සැපයීමට කටයුතු නොකිරීම හේතුවෙන් මේ වනවිට දෙපාර්ශ්වය අතර මෙම මතභේදය මතුව ඇති බවද එම වාර්තා පෙන්වාදේ.
එම පසුබිම තුළ යුරෝපා සංගමය ඉල්ලා සිටින්නේ එක්සත් රාජධානියේ ඇස්ට්‍රා සෙනෙකා සමාගමේ එන්නත් නිෂ්පාදනාගාරවල නිපදවන වැඩි එන්නත් මාත්‍රා ප්‍රමාණයක් තමන්ට ලබාදීමට කටයුතු කරන ලෙසය.
මේ අතර පොරොන්දු වූ ප්‍රමාණය සැපයීමට කටයුතු නොකරන්නේනම් එන්නත අපනයනය කිරීමට සීමා පනවන බවට යුරෝපා සංගමය මීටපෙර අනතුරු අඟවා ඇත .