නවතම පුවත්

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා 65ට වැඩි අයට දෙන්න එපා – ජර්මානු එන්නත් කොමිසම

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා වෛරස එන්නත අවුරුදු 65 ට වඩා වැඩි අයට ලබා නොදිය යුතු බව ජර්මනියේ එන්නත් කොමිෂන් සභාව පවසයි. එන්නත් සැපයීම සම්බන්ධයෙන් ඖෂධ නිෂ්පාදකයා සහ යුරෝපා සංගමය අතර ආරවුලක් මධ්‍යයේ මෙම නිවේදනය සිදුවෙයි.

ජර්මානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශයකට අනුව, රටේ ප්‍රධාන මහජන සෞඛ්‍ය අධිකාරිය වන ජර්මනියේ රොබට් කොච් ආයතනයේ (RKI) එන්නත් පිළිබඳ ස්ථාවර කමිටුව (STIKO) මෙම වයස් කාණ්ඩය සඳහා ඇස්ට්‍රාසෙනෙකා සහ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් සංවර්ධනය කරන ලද එන්නතෙහි ඵලදායීතාව පිළිබඳ ප්‍රමාණවත් දත්ත නොමැති බව සොයාගෙන තිබේ.

“සායනික අධ්‍යයනයට සහභාගි වූවන්ගෙන් වයස අවුරුදු 65 ට වැඩි පිරිස සුළු සංඛ්‍යාවක් නිසා මෙම එන්නත සම්බන්ධයෙන් වැඩිහිටියන් තුළ කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව පිළිබඳව නිගමනයකට එළඹිය නොහැකියි. එබැවින් මෙම එන්නත දැනට STIKO විසින් නිර්දේශ කරනුයේ වයස අවුරුදු 18ත් – 64ත් අතර පුද්ගලයින් සඳහා පමණයි.” RKI නිර්දේශයේ සඳහන් වේ.

කෙසේ වෙතත් මෙම නිවේදනයට ප්‍රතිචාර දක්වමින් ඇස්ට්‍රාසෙනෙකා ප්‍රකාශකයෙකු පැවසුවේ ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් -19 එන්නත වයස වයස අවුරුදු 65 ට වැඩි වයස් කාණ්ඩයේ කාර්යක්ෂමතාවයටද සහාය දක්වන බව සායනික අත්හදා බැලීමේ දත්ත පිළිබඳ නවතම විශ්ලේෂණයන් මගින් පෙන්වන බවය. ඒ අනුව යුරෝපා සංගමයේ ඖෂධ නියාමකයාගේ නියාමන තීරණය ලැබෙන තුරු ඖෂධ නිෂ්පාදකයා බලා සිටින බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසූ බව විදෙස් වාර්තා පවසයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා