නවතම පුවත්

2024 ජනාධිපතිවරණය පොදු අපෙක්ෂකයෙක් ඉදිරිපත් විය යුතුයි – නවීන්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

 

ඊළඟ ජනාධිපතිවරණයට විපක්ෂය වෙනුවෙන් අනිවාර්යෙන්ම ඉදිරිපත් වියයුත්තේ පොදු අපේක්ෂකයෙකු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  වන  නවීන් දිසානායක මහතා හා අර්ජුන රණතුංග යන මහත්වරුන්  අවධාරණය කර සිටී .

 

, කොළඹ කොල්ලුපිටියේ පිහිටි ‘ගාමිණි දිසානායක පදනමේ’ ප්‍රධාන කාර්යාලයේ අද (28) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මොවුන් මෙම  අදහස් ප්‍රකාශ කළහ .

 

ඒ අනුව, ඊළඟ ජනපතිවරණයට පොදු අපේක්ෂකයකු ඉදිරිපක් කිරීම වෙනුවෙන්, විපක්ෂයේ සියලු පක්ෂ සහ සිවිල් සංවිධාන සමග එක්සත් ජාතික පක්ෂය එකතු විය යුතු බව දිසානායක මහතාමෙහිදී  සඳහන් කළේය.

 

පක්ෂයේ ප්‍රතිසංවිධානය පක්ෂ නායකත්වයේ සිටම පහළට සිදුවිය යුතුව තිබුණත් එසේ නොවීම ගැන තමන් කනගාටුවන බවත් නවීන් දිසානායක මහතා තවදුරටත් පැවසීය.

 

මෙතෙක් දැරූ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරයෙන් තමා ඉවත්වෙන බව ද ඒ මහතා කියාසිටියේය.

 

ඉදිරි ගමන සඳහා සාධනීය වැඩපිළිවෙලක් හෝ සංවිධානයක් සිදුකිරීමට එක්සත් ජාතික පක්ෂය අපොහොසත්ව ඇති හෙයින් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් තමන්ට පිරිනැමූ ජ්‍යේෂ්ඨ උපසභාපති ධුරය භාරනොගෙන ප්‍රතික්ෂේප කරන බව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

 

2020 මහමැතිවරණයෙන් ලැබූ අන්ත පරාජයෙන් පසුවත් තමන් පක්ෂය සමග රැඳුනේ වත්මන් සහ අනාගත අභියෝග ජයගැනීම සඳහා සුදුසු වැඩපිළිවෙලක් සකස් කෙරෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් වන නමුත් මේ වනතෙක්ම එවන් වැඩපිළිවෙලක් හෝ සංවිධානයක් දක්නට නොමැති බවයි ඒ මහතා සිය ලිපියෙන් පෙන්වා දී ඇත්තේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා