පැතුම් වික්‍රමරත්න
ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද කොවිෂිල්ඩ් එන්නත ඊයේ (15) දිනයේ සිට මෙරට සාමාන්‍ය ජනතාවට ලබාදීමට කටයුතු ආරම්භ කරන බවට යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම පියවර ගන්නා බවද හමුදාපතිවරයා සඳහන් කර ඇත .
ඒ අනුව බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් මෙම එන්නත අද දිනයේ සිට ලබාදීමට කටයුතු යොදා ඇති බවද යුද හමුදාපතිවරයා සඳහන් කලේය .
මේ අනුව දැනට ඉන්දියාවෙන් ලද කොවිෂිල්ඩ් එන්නතේ ලක්ෂ දෙකහාමාරක් පළමු පෙළ කොරෝනා මර්ධන ක්‍රියාවලියේ යෙදී සිටින පුද්ගලයින්ට ලබාදීමෙන් අනතුරුව පසුව ඉතිරි එන්නත් ලක්ෂ දෙකහාමාර මෙරට සාමාන්‍ය ජනතාවට ලබාදීමට පියවර ගැනෙනු ඇත .