නවතම පුවත්

බස්නාහිර අඩුවූ කොවිඩ් අවදානම  20%කින් යළි වැඩිවෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගැනුණු නව කොවිඩ් ප්‍රභේදයට අයත් රෝගීන් මෙරටදී  16 දෙනෙකු පමණ පසුගියදා හඳුනා ගැනීමත් සමඟ බස්නාහිර පැවති කොවිඩ් අවදානම යළි වැඩි වීමක් පෙන්නුම් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දේ.
එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඊයේ  (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ බස්නාහිර පළාතේ මුල් කාලයේ පැවති කොවිඩ් අවදානම 40%ක පමණ ප්‍රමාණයකින් පසුගියදා වන විට අඩු වී තිබුණද නව ප්‍රභේදයේ රෝගීන් හඳුනා ගැනීමත් සමඟ යළි එම අවදානම 60%ක් පමණ දක්වා වැඩි වී ඇති බවය.
එමෙන්ම බස්නාහිර පළාතේ කොළඹ නගර සීමාවේ පැවති අවදානමද දැන් නගර සීමාවෙන් පිටත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල දක්වා ව්‍යාප්ත වෙමින් තිබෙන අතර මරණ අවදානමද බස්නාහිරින් පිට වැඩිවෙමින් තිබෙන බව හරිත අලුත්ගේ මහතා කියා සිටියේය.
එම නිසා පවතින තත්ත්වයන් සමඟ නව ප්‍රභේදයේ ආසාදිතයින් හඳුනාගැනීම සඳහා පහසුකම් වැඩිකළ යුතු බවත් ඔහු සඳහන් කරන ලදී.
. මේ අතර කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන්  වාර්තා වීමේ ප්‍රවනතාවයක් මේ වනවිට රට තුල  පෙන්නුම් කරන බවත් ඇතැම් විට  නව කොවිඩ් ප්‍රභේදය  ඊට හේතුවක් විය හැකි බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර  මහතා මාධ්‍ය වෙත පැවසීය .
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා