මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ට පනවා ඇති ඇතැම් දැඩි නිරෝධායන රෙගුලාසි කිහිපයක් ලිහිල් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත .
සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස් හෙට්ටිආරච්චි පැවසුවේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිර්දේශ ලබා ගනිමින් රෙගුලාසි ලිහිල් කිරීමට හැකි බවට හඳුනාගෙන ඇති බවය
. සංචාරක නියමු ව්‍යාපෘතියේදී හඳුනාගත් ඇතැම් ගැටළුවලට විසඳුම් ලබා ගෙන ඇති බවද ලේකම්වරයා මාධ්‍ය වෙත අද පැවසීය
සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස් හෙට්ටිආරච්චි පැවසුවේ සංචාරකයින් රැදී සිටින හෝටල්වල සේවකයින් නිරෝධායනය විය යුතු කාල සීමාව සම්බන්ධයෙන්ද අවධානය යොමුව ඇති බවය. එබැවින් කිසියම් හෝටලයක රැදී සිටින සංචාරකයින්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති නම් එම සංචාරකයින් හෝටලයෙන් පිටව ගොස් තවත් දින 14ක් හෝටල් සේවකයින් එම හෝටලයේම නිරෝධායනය විය යුතු බවට ඇති රෙගුලාසි ලිහිල් කිරීම කෙරෙහි ද අවධානය යොමුව ඇති බව ඔහු කියා සිටියේය ..
විදෙස් රටවල සිට එන වයස අවුරුදු 12 ට අඩු දරුවන්ගේ PCR පරීක්ෂණ සිදුනොකරන්නටද තීරණය කර ඇති බව , අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී පැවසීය