පවිත්‍රා වෙනුවට වැඩබලන්න මහාචාර්ය චන්න ජයසුමන

Picture of අසංක

අසංක

කොවිඩ්-19 වෛරසය ආසාදිතව ප්‍රතිකාර ගනිමින් සිටි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය යළි සේවයට වාර්තා කරන තෙක් වැඩබල සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පත් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, අමාත්‍යවරයා අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් බවයි.

මහාචාර්ය චන්න ජයසුමන ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.