ජපන් රජයෙන් ශ්‍රී ලංකා පොලීසියට රුපියල් මිලියන 1250ක ආධාර

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පොලීසියේ පරිහරණය සඳහා ජපන් රජය පරිත්‍යාග කළ ජීප් රථ 31ක්, බස් රථ 4ක් සහ වෑන් 10ක් ජනාධිපතිවරයා වෙත සංකේතාත්මකව භාරදීම අද (16) උදෑසන ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිර සුගියාමා මහතා විසින් අදාළ වාහන ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබූ බවයි.ජපන් රජය පොලීසියට පරිත්‍යාග කළ වාහන ජනපතිට භාරදෙයි

රුපියල් මි. 1250ක පූර්ණ ප්‍රදානයක් ලෙස ලැබෙන පරිත්‍යාගයේ පළමු පියවර ලෙස මිලියන 775ක් වටිනාකමින් යුත් වාහන 45ක් අද දිනයේ මෙලෙස භාර දී තිබේ.

පොලීසිය විසින් සිදුකරනු ලබන විමර්ශන පහසු කිරීම සඳහා ජපන් රජය මෙම පරිත්‍යාගය සිදු කරනු ලැබූ අතර දෙවැනි පියවර ලෙස තවත් වාහන සහ අතිනවීන සෝදිසි උපකරණ තොගයක් ඉදිරි කාලයේ දී ලැබීමට නියමිතව ඇත.

මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර, අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස්, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.