නවතම පුවත්

නුගේගොඩින් හමුවූ මත්කුඩු ජාවාරම පිටුපස පොලිස් කොස්තාපල්වරයෙක්!

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ
යුද හමුදා සෙබලකු සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ සම්බන්ධකමක් ඇතිව පවත්වාගෙන ගිය මත්කුඩු ජාවාරමක තොරතුරු ගැන හෙළි කරගත් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිළධාරීන් නුගේගොඩ ගම්සභා හංදිය ප්‍රදේශයේ නවාතැන්පොලක් තුළ කරන ලද වැටලීමකදී හෙරොයින් කිලෝ 5ක් සහ අයිස් කිලෝ 5ක් අත්අඩංගුවට ගැනීමට ඊයේ(16) සමත් වී තිබේ.
එම මත්කුඩු තොගය රුපියල් කෝටි 10ක පමණ මිලකින් යුක්ත වන අතර එම ජාවාරමට සම්බන්ධ අවුරුදු 26ක් පමණ වන යුධ හමුදා සෙබළා ද අත්අඩංගුවට ගෙන ඇත.
 ඔහු දැනටත් හමුදා සේවයේ සිටිනවාද සේවය අතහැර ගිය අයෙක් ද යන්න පිළිබඳව වාර්තාවක්  හමුදාවෙන් ලබාගැනීමට කටයුතු කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
මෙම ජාවාරම පිටුපස පොලිස් කොස්තාපල්වරයෙක් සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින් ඒ සම්බන්ධව ද මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මේ අතර සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයේ  නිලධාරීන් අද සවස පිළියන්දල ප්‍රදේශයේ කරන ලද වැටලීමකදී තවත් හෙරොයින් මත්කුඩු කිලෝ තුනක් සොයාගෙන තිබේ.
එහිදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එම මත්කුඩු දැනට මරණීය දණ්ඩනය නියම වී සිටින  බඩෝවිට පදිංචිව සිටි මත්කුඩු ජාවාරම්කරුවකුට අයත් ජාලයක මත්කුඩු බවටද හෙළිවී ඇත.
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා