ලොව පුර කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වීම පසුගිය සතියේදී 16%කින් අඩු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත .
ඒ අනුව කොවිඩ් ව්‍යාප්තිය ඉතා ඉහල මට්ටමක පවතී ඇමෙරිකාව හා ඉන්දියාවේද මේ වනවිට කොවිඩ් ව්‍යාප්තියේ යම් අඩුවීමක් දක්නට ඇති බව එම සංවිධානය සඳහන් කර ඇත .
එසේම කොවිඩ් මරණ අනුපාතයද පසුගිය සතිය තුල සියයට දහයකින් පහත වැටී ඇති බව එම සංවිධානය පෙන්වාදේ.
කොවිඩ් එන්නත්කරණය ක්‍රියාත්මකවීම මෙන්ම , සෞඛ්‍ය ආරක්‍ෂණ ක්‍රමවේදයන්ට ජනතාව හුරුවීමද මෙම තත්වයට හේතුවක් විය හැකි බව එම සංවිධානය අනුමාන කරයි .
ඒ අනුව ඉදිරි සති කිහිපය තුල කොවිඩ් ව්‍යාප්තිය තවදුරටත් පහත වැටෙනු ඇති බවටද ලෝක සෞඛ්‍ය සංවිධානය විශ්වාසය පල කර ඇත .