ජාත්‍යන්තර සංචාරක මාර්ගෝපදේශ දිනය වෙනුවෙන් අවබෝධාත්මක පාගමනක්

Picture of අසංක

අසංක

2021 පෙබරවාරි 21 දිනට යෙදෙන “ජාත්‍යන්තර සංචාරක මාර්ගෝපදේශක දිනය” සැමරීම නිමිත්තෙන් “අවබෝධාත්මක පාගමන” පැවැත්වේ.

”ජාත්‍යන්තර සංචාරක මාර්ගෝපදේශක දිනය” වාර්ෂිකව පෙබරවාරි 21 සමරනු ලබයි.

ශ්‍රී ලංකා ජාතික සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්ය ආයනනය විසින්‌ 2018 සිට මෙම දිනය වෙනුවෙන්‌ වැඩමුළු පවත්වා ඇත.

“අවබෝධාත්මක පාගමන‌” කොල්ලුපිටිය මූලස්ථානයේ (ශ්‍රී ලංකා
සංචාරක සංචර්ධන අධිකාරිය අසල) සිට ගාලු මුවදොර පිටිය දක්වා සංවිධානය කර ඇත.

දැනට සංචාරක ව්‍යාපාරය අකර්මණ්‍ය බැවින්‌ ජාතික සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන් පත්ව ඇති තත්ත්වය පිළිබඳ පැහැ කිරීමට පෙබරවාරි 19 දින උදෑසන 10 ට මාධ්‍ය දැනුවත් කිරීමට ද නියමිතය.