එන්නත්කරණය අධෛර්යමත්කරන ප්‍රකාශ එපා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විපක්‍ෂයෙන් ඉල්ලයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා එන්නත්කරණය මේ වනවිට රට තුල සාර්ථකව සිදුකරමින් තිබෙන බැවින් ඒ සම්බන්ධව ඇතැම් පිරිස් වැරදි මත ප්‍රචාරය කිරීම අභාග්‍ය සම්පන්න තත්ත්වයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී

එන්නත්කරණය අධෛර්යමත්කරන ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙස විපක්‍ෂයේ කණ්ඩායම් වෙතින් ඉල්ලා සිටින බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පවතී මාධ්‍ය හමුවකදී පැවසීය
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම සංගමයේ සංස්කාරක , වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙසේද පැවසීය

”මේ එන්නත කොහෙන් ආවද දන්නේ නැහැ. එන්නත වැඩකරනවද දන්නේ නැහැ. මේ වගේ කතන්දර ගොඩක් සමාජය ඉදිරියේ විපක්ෂ කණ්ඩායම් දිගහරිමින් සිටිනවා. මේක කොහෙත්ම සුදුසු තත්ත්වයක් නෙවෙයි. මේ එන්නත්කරණ වැඩපිළිවෙළ තමයි මේ වෙලාවේ යම් කොළ එළියක් දල්වෙලා තියෙනවනම් මෙය පාලනය කරනගන්න තියෙන වැඩපිළිවෙල. ඒ නිසා . එහෙමනම් ආණ්ඩු පක්ෂය හරියට වැඩේ කරනවද? ඒ අයගේ පැත්තෙනුත් අපි දකිනවා බරපතල ප්‍රශ්නයක්. ඒ අයත් මේ විපක්ෂයට උත්තර දෙන ගමන් ඒ අය අනවශ්‍ය විශ්වාසයක් මේ හරහා ඇතිකරන්න උත්සහ කරනවා. මොකද මේ සියලුම ප්‍රශ්න එන්නතෙන් විසදෙන්න නැහැ. මම අදත් දැක්කා ආණ්ඩුවේ අමතිවරයෙන් කියල තියෙනවා මැයි මාසය වෙඩි සියලුම ජනතාවට එන්නත දීලා කොවිඩ් තුරන් කරනවා ලංකාවෙන් කියල. එහෙම කියන්න පුළුවන්ද? මේක වුණේ නැත්නම් සමස්ත පද්ධතිය කෙරෙහි ජනතාවගේ විශ්වාසය බිඳවැටෙනවා. ඒ නිසා අපි මේ යථාර්තය තේරුම් අරගෙන ඉස්සරහට යන්න ඕනේ.’