මීටියාගොඩ ඝාතනයේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්

Picture of අසංක

අසංක

මීටියාගොඩ අමානුෂීය ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ලෙස සැළකෙන මහාදුර ශක්ති මධුශංක නැමැති පුද්ගලයා අද දින බලපිටිය උසාවියට නීතිඥයෙකු මාර්ගයෙන් භාර වී තිබේ.

අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 25 වන දින දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවැසීය.