කොළඹ මහල් නිවාසවල ජනතාවට එන්නත් කිරීම ඇරඹේ

Picture of අසංක

අසංක

කොළඹ නගරය තුළ මහල් නිවාස සංකීර්ණ තුළ විසඳුම් ජනතාවට එන්නත් ලබාදීම ආරම්භ කෙරේ.

කොළඹ නගරයේ වෙසෙන මහල් නිවාස සංකීර්ණවල ජනතාවට එන්නත් ලබා ගැනීම සඳහා ලියාපදිංචි වන ලෙස මේ වනවිටත් දැනුම් දී ඇත.

ඒ අනුව පොදු ජනතාවට එන්නත් ලබාදීමේදී මහල් නිවාස වල සිටින ජනතාවට වැඩි ප්‍රමුඛත්වයක් ලබා දීමට කටයුතු කර ඇත.

ඊට හේතු වී ඇත්තේ මෑත කාලයේ දී මහල් නිවාස සංකීර්ණ ආශ්‍රිතව කොරෝනා පොකුරු බහුල වශයෙන් ඇතිවීමත් නිරන්තරයෙන් සමූහයක් ලෙස ජීවත් වීමට ඔවුන්ට සිදුවීම නිසා ආරක්ෂිත පියවරක් ලෙසයි.