මෙරට කොවිඩ් මරණවලට ගොදුරු වූ වැඩි දෙනෙක් වැඩිහිටියන්

Picture of අසංක

අසංක

මෙරට කොවිඩ්-19 ආසාදනය හේතුවෙන් මියගිය වැඩිදෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් බව අනාවරණය වෙයි.

මේ වනවිට වාර්තා වූ මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 430කි.

ඉන් මරණ 298 ක් වයස අවුරුදු 60ට වැඩි පුද්ගල මරණ වේ.

සමස්ත කොවිඩ් මරණවලින් 417ක් කොවිඩ් දෙවන රැල්ල ආරම්භ වීමෙන් අනතුරුව සිදුව ඇත.

වයස අවුරුදු 40-60 ත් අතර මරණ 92ක්, සිදුව ඇති අතර වයස අවුරුදු 10-40 ත් අතර මරණ 16 ක් සිදුව ඇත.