නව කොවිඩ් ප්‍රභේද මර්ධනයට , චීන එන්නත සමත්වේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

(පැතුම් වික්‍රමරත්න )

කොවිඩ් 19 වෛරසයට එරෙහිව චීනය විසින් නිපදවා ඇති සිනොවැක් බයෝටෙක් එන්නත, ලෝකයේ පැතිර යන කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේද සඳහා සාර්ථක ලෙස ප්‍රතිචාර දක්වන බව පර්යේෂණ මගින් තහවුරු වී ඇත .

. මේ වනවිට බහුල ලෙස පැතිර යන බ්‍රිතාන්‍ය ප්‍රභේදය සහ දකුණු අප්‍රිකානු ප්‍රභේදය සම්බන්ධයෙන් මෙම පර්යේෂණ සිදුකර ඇත ..

බ්‍රසීල පර්යේෂණ කණ්ඩායමක් එරටදී මෙම පර්යේෂණය සිදුකර ඇති අතර සාර්ථක ප්‍රතිඵල පෙන්වීම නිසා සිනොවැක් එන්නත් මාත්‍රා මිලියන 100 ක් මිලදී ගැනීමටද බ්‍රසීල බළධාරීන් කටයුතු කර තිබෙ.

මෙම පර්යේෂණ කටයුතු සිදුකළ, කණ්ඩායමේ ප්‍රධානී, සාවෝ පාවුලෝහි බූටැන්ටන් ජෛව වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධාන වෛද්‍ය ඩිමාන් කෝවාස් පවසන්නේ බ්‍රිතාන්‍ය සහ දකුණු අප්‍රිකානු ප්‍රභේද සඳහා සිනොවැක් එන්නත සාර්ථක ප්‍රතිඵල පෙන්වන බවයි.

බ්‍රිතාන්‍ය සහ දකුණු අප්‍රිකානු ප්‍රභේද දෙකම මේ වනවිට බ්‍රසීලයේ සීග්‍ර ලෙස ව්‍යාප්ත වී ඇති අතර ඔක්ස්ෆ්ර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත දකුණු අප්‍රිකානු ප්‍රභේදය සඳහා සාර්ථක නොවන බව මේ වනවිට පර්යේෂණ මගින් තහවුරු කරගෙන තිබේ.