අයථා ලෙස මුදල් සෙවූ පොලිසියේ 12ක් ගැන විමර්ශන

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

 

පොලිස් නිලධාරීන් දොළොස්දෙනෙක් සම්බන්ධයෙන් නීති විරෝධී දේපළ හා වත්කම් විමර්ශන කොට්ඨාශය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

 

ඒ මත්කුඩු ජාවාරම ඇතුළු නීති විරෝධී ක්‍රම මගින් වත්කම් උපයා ගත් බවට වන චෝදනාව මතයි.

 

එම නිලධාරීන් සම්බන්ධයෙන් ලද පෙත්සම් සහ පැමිණිලිවලට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

 

පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ මෙම නිලධාරීන්ගේ වත්කම් සම්බන්ධයෙන් බුද්ධිමය විමර්ශනයක් ද මේ වන විට ආරම්භ කර ඇති බවයි.