නවතම පුවත්

පාස්කු ප්‍රහාරය ගැන හිටපු ජනපති ඇතුළු පිරිසකට  අපරාධ චෝදනා – රනිල් බේරෙයි!

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

 

පාස්කු ප්‍රහාරයට අදාලව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හට අපරාධ චෝදනා ගොනු කරන ලෙස පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ෂණ සිදුකළ ජනාධිපති කොමිෂන් සභාව සිය වාර්තාව මගින් නිර්දේශ ඉදිරිපත් කර ඇත.

 

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති විමර්ෂණ වාර්තාව ඊයේ (23) දිනයේදී පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත භාර දෙනු ලැබු අතර  ජනාධිපති කොමිෂන් සභාවට ලද සාක්ෂි පදනම් කර ගනිමින් මෙලෙස  හිටපු ජනාධිපතිවරයාට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන ලෙස නිර්දේශ කර ඇත.

 

මෙරට කොමිෂන් සභාවක් විසින් හිටපු ජනාධිපතිවරයෙකුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන ලෙස නිර්දේශ කළ පලමු අවස්ථාව මෙය වන අතර .මිට අමතරව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර, හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි ජෙය්ෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් සහ බස්නාහිර පළාත භාරව සිටි හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ යන අයටද එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන ලෙස ජනාධිපති කොමිෂන් සභාව විසින් සිය නිර්දේශ ඉදිරිපත් කර ඇත.

 

මේ අතර හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් යම් ගැටළු තිබෙන බවට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව කරුණු හඳුනා ගෙන ඇති වුවත් ඔහුට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම අනවශ්‍ය බවට නිර්දේශ කර තිබෙ.

 

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අයෙකු සඳහා වන්දි වශයෙන් රුපියල් මිලියන 02ක මුදලක් හා තුවාල ලැබූ අයෙකුට රුපියල් ලක්ෂ 05ක් ලබා දිමට ජනාධිපති කොමිසමෙන් නිර්දේශ ඉදිරිපත් කර ඇත.

 

මේ අතර මෙරට ක්‍රියාත්මක බොදු බල සේනා සංවිධානය ද ද තහනම් කරන ලෙසට මෙහිදී කොමිසම විසින් නිර්දේශ ඉදිරිපත් කර තිබෙන අතර ඊට අමතරව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව අපරාධ චෝදනා යටතේ නඩු පැවරිය හැකි ද යන්න සොයා බලන ලෙස නීතිපතිවරයාට දැනුම් දී ඇත. ඒ, 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය (ICCPR) පදනම් කර ගනිමිනි.

 

එසේම අන්තවාදී මුස්ලිම් සංවිධාන කිහිපයක්ම තහනම් කරන ලෙසද මෙම වාර්තාව මගින් නිර්දේශ කර ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා