නවතම පුවත්

සචිත්‍ර සේනානායක අද  ක්‍රීඩා වැරදි හොයන පොලිස් ඒකකයට 

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක හට අද (24) දිනයේ ක්‍රීඩා වැරදි සම්බන්ධයෙන් විමර්ශන පවත්වන විශේෂ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

 

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය පැවැත්වෙමින් තිබියදී colombo kings කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනකුට ඔහු විදේශයක සිට ලබාදුන් සැකකටයුතු දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයකට අදාළව එම පොලිස් ඒකකය විසින් මෙම කැඳවීම කර ඇත.

 

මේ සම්බන්ධයෙන් වූ පැමිනිල්ල යොමු කර ඇත්තේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසිනි.

 

අදාල ක්‍රීඩකයන් දෙදෙනාගෙන් ද පොලිසිය මේ වන විට ප්‍රකාශ ලබාගෙන ඇත.

 

එම ක්‍රීඩකයන්ගේත් සචිත්‍රගේත් ජංගම දුරකථන පවා එම පොලිස් ඒකකය බාරයට මේ වන විටත් ගෙන තිබේ .

 

සජිත්‍ර ඔහුගේ දුරකථනය ලෙස සඳහන් කර භාරදී ඇත්තේ වෙනත් අංකයක දුරකථනයක් බවද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

 

සචිත්‍ර සේනානායකට ක්‍රීඩා වැරදි සම්බන්ධයෙන් විමර්ශන පවත්වන විශේෂ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින්නැයි මුලින්ම දැනුම් දෙන්නේ දෙන්නේ ඉකුත් 15 වැනිදාය.

 

එහිදී ඔහු සිය නීතිඥවරුන් මගින් කාලය ඉල්ලා සිටීමක් හේතුවෙන් ඔහුට අද දිනය ලබාදී තිබේ .

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි