මානව හිමිකම් මුවාවෙන් රටවල්වල අභ්‍යන්තර ගැටලුවලට මැදිහත් වීම වැරැද්දක් – චීනය අවධාරණය කර සිටී

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මානව හිමිකම් මුවාවෙන් රටවල්වල  අභ්‍යන්තර ගැටලුවලට මැදහත්වීම පිළිගත නොහැකි බව චීනය ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවේ අවධාරණය කර සිටී .

ඒ අනුව  ශ්‍රී ලංකාවට එරෙහිව  මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ඉදිරිපත් කල  වාර්තාව සම්බන්ධයෙන්  කනස්සල්ල පළකරන බවද කවුන්සිලයේ චීන නියෝජිත  චෙන් ෂූ  මහතා සඳහන් කර සිටී .

46 වන ජගත් මානව හිමිකම් කවුන්සිල සැසිවාරය අමතමින් තවදුරටත් අදහස් දැක්වූ චීන නියෝජ්තවරයා මෙසේද පැවසීය .

, “මානව හිමිකම් ගැටළු දේශපාලනීකරණය කිරීම සහ ඇතැම් රටවලට වෙනස් ආකාරයෙන් සැලකීම සම්බන්ධයෙන් චීනය විරුද්ධ වන බව අපගේ ස්ථාවරයයි. ඒ වගේම මානව හිමිකම් ප්‍රශ්න මුවාවෙන් වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීම පිළිබඳව ද අපි විරුද්ධයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව තුළ අපක්ෂපාතිභාවයේ ඇති දැඩි අඩුපාඩු පිළිබඳව අපි කණස්සල්ලට පත්වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා රජය ලබාදී ඇති තොරතුරු පිළිබඳව අවධානය යොමු නොකිරීම පිළිබඳවත් අපි කණගාටුව පළ කරනවා. මහකොමසාරිස් කාර්යාලය විසින් යෝජනා කරඇති සම්බාධක පැහැදිලි ලෙසම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමක් වන අතර මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයට පැවරී ඇති සීමාවන්ද ඉක්මවා ගොස් කටයුතු කර තිබෙනවා.”ය.