කොවිඩ් ආසාධිත සිසුන්ට , හෙට දින අපොස සාපෙළ විභාගයට පෙනීසිටීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කර සිටී
කොවිඩ් -ආසාධිත සිසුන් වෙනුවෙන් සෑම දිස්ත්‍රික්කයකටම අවම වශයෙන් මධ්‍යස්ථාන 2 බැගින් මධ්‍යස්ථාන 40කට ආසන්න ප්‍රමාණයක් පිහිටුවීමට තීරණය කර ඇති බවත් . ඒ අනුව කොවිඩ් -19 වසංගත තත්ත්වය යටතේ ආසාදිත වු දරුවන් සඳහා එම විශේෂ මධ්‍යස්ථානවල දී විභාගයට පෙනී සිටීම සඳහා අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණය කර තිබෙන බවත් පූජ්ත මහතා මාධ්‍ය වෙත පැවසීය .
. මෙහිදී එම ප්‍රදේශවල එවැනි තත්ත්වයක් ඇති වුවහොත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සම්බන්ධීකරණය කරමින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ මෙහෙයවීම යටතේ මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු යොදා තිබෙන බවද ඒ මහතා පැවසීය .“
මේ අතර, සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන සියලු විභාග මධ්‍යස්ථාන විෂබීජහරණය කර සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වයට පත්කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.