දිවයිනේ සියලු ප්‍රදේශවල වගාවට සුදුසු ඉඩම් හඳුනාගන්න – ජනපති උපදෙස් දෙයි .

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දිවයිනේ සියලූ ප‍්‍රදේශවල, වගාවට සුදුසු ඉඩම් හදුනා ගැනීම ප‍්‍රමුඛ අවශ්‍යතාවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටී ..

භෝග වගා වර්ධනය සඳහා වැඩිපුර ඉඩම් අවශ්‍යව  ඇති බැවින් වගාවට සුදුසු ඉඩම් කඩිනමින් හදුනා ගත යුතු බවටත්  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  තී‍්‍රකුණාමලයේ ඊයේ පැවති ගම සමග පිළිසඳර වැඩසටහනේදී උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර ඇත

අස්වනු වැඩි කිරීම පිණිස ඉඩම්වල ඵළදායිතාව නැංවීමත් එකසේ වැදගත් වන අතර . ඒ සඳහා ගෝවීන්ට නවීන තාක්ෂණය හදුන්වාදීමට සහය වන ලෙසද  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දී ඇත