නවතම පුවත්

කොවිඩ් මෘතදේහ ආදාහනයට ගත් තිරණය මුස්ලිම් රටවල් අගයයි

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මුස්ලිම්වරුන්ගේ මෘතදේහ ආදාහනය කිරීම නතර කිරීමට ශ්‍රී ලංකාව ගත් තීරණය මුස්ලිම් රටවල් ගණනාවක් අගය කර ඇත .

COVID-19 අසාදිත මුස්ලිම්වරුන්ගේ මෘත දේහ භුමදානය කිරීමට ශ්‍රී ලංකාව අවසර දෙන බවට කරන ලද නිවේදනය මෙසේ  පිළිගැනීමකට ලක්කළ  රටවල් අතර පාකිස්තානය, තුර්කිය සහ ඇෆ්ගනිස්ථානය කැපී පෙනේ .

මෙරට ඇෆ්ගන්ස්ථාන තානාපති එම් අෂ්රෆ් මහතා

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙම කාරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ගත් තීරණය සාදරයෙන් පිළිගන්නා බව මුලින්ම සඳහන් කල අතර  “මම ශ්‍රී ලංකා නායකත්වයට ස්තූතිවන්ත වන අතර, කොවිඩ් 19 මිය යන අය සඳහා සුසාන කටයුතු සඳහා ඉඩ ලබා දෙන බවට ශ්‍රී ලංකා රජයේ නිල නිවේදනය පිළිගනිමි,” ඔහු ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

ශ‍්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථාන තානාපති එම්. අෂ්රෆ් මහතාද   ප් කොවිඩ් 19 සිදුවන සියලුම මරණ සඳහා ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය අත්හිටුවීමට ශ්‍රී ලංකාව ගත් තීරණය  සාදරයෙන් පිළිගන්නා බව මාධ්‍ය වෙත සඳහන් කළේය . මෙම පියවර නිසැකවම COVID- 19 පැතිරීම පාලනය කිරීමේ ශ්‍රී ලංකාවේ සාර්ථකත්වයට ඉවහල් වන අතර වසංගතයට එරෙහිව එහි ජනතාවට එන්නත් ලබා දීම අගය කරන බවද ඔහු සඳහන් කර ඇත

මුස්ලිම් විශ්වාසයන්ට අනුකූලව කොවිඩ් වයිරසයෙන් මියගිය අය භූමදාන කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් ගත් තීරණය තුර්කිය ද පිළිගත්තේය.

තුර්කි විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක හාමි අක්සෝයි කියා සිටියේ COVID-19 හි වින්දිතයින් ආදාහනය කිරීමේ ක්‍රමයේ වෙනසක් මුස්ලිම් ප්‍රජාව අපේක්ෂා කළ බවයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා