කොවිඩ් එන්නත්කරණයට නිශ්චිත සැලසුමක් අවශ්‍යයි – GMOA

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළ  නිශ්චිත සැලසුමක් යටතේ ඉදිරියට ගෙනයාමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කර සිටී .

ඇතැමුන්ගේ මැදිහත් වීම නිසා එන්නත්කරණ වැඩසටහන  මේ වන විට රාමුවෙන් පිටතට ගොස් අවුල් සහගත තත්ත්වයකට පත්ව ඇති බවත් , එමඟින් සිදුවන්නේ මෙම එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳව ජනතා විශ්වාසය බිඳ වැටීම බවත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය වෙත අවධාරණය කළේය .

අනවශ්‍ය ආකාරයට මේ එන්නත් භාවිතා කළ හොත් සිදුවෙන්නේ සම්පූර්ණ පද්ධතියම කඩාගෙන වැටීම බවද එම සංගමය අවධාරණය කර සිටී .