ප්‍රබෝධා හෙට්ටිආරච්චි
කොවිඩ්-19 වෛරසය ආසාදිත දරුවන් 38ක් ඊයේ (01) ආරම්භ වූ අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී තිබේ.
කොවිඩ් ආසාදිත දරුවන් සඳහා වූ විශේෂ විභාග මද්‍යස්ථාන වෙත මෙම දරුවන් සහභාගී වී සිටි බව විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ ය.
ඊයේ ආරම්භ වූ අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා සුදුසුකම් ලැබූ සියලු විභාග අපේක්ෂකයින් පැමිණ තිබූ බවට විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය මධ්‍යස්ථාන 4513ක පැවැත්වීමට කටයුතු කර තිබේ.
විභාගය එළඹෙන 10 දින දක්වා පැවැත්වෙයි.