නවතම පුවත්

සචිත්‍ර සේනානායකගේ  අතුරුදන් ෆෝන් එක පොලීසියට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

* වත්කම් බැරකම් ප්‍රකාශයකුත් කැඳවයි

 

දම්පත් රණසිංහ

 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ඊයේ (4) දිනයේත් ක්‍රීඩා වැරදි සොයා බැලීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය හමුවේ පැය 10 ක ප්‍රශ්න කිරීමකට ලක් වී තිබේ.

 

ඒ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දී කණ්ඩායම් දෙකක තරගකරුවන් දෙදෙනෙකු ට තරඟ පාවාදීමක් සම්බන්ධයෙන් වන සංවාදයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා යි.

 

ඔහු පෙරේදා (03) දිනයේ දී මෙලෙස එම ඒකකය හමුවේ පැය නමයක ප්‍රශ්න කිරීමකට ලක් විය.

 

මේ අතර ඔහුට දින දාහතරක් තුළ සිය වත්කම් බැරකම් ප්‍රකාශයක් ප්‍රකාශයක් බාර දෙන ලෙසද අදාළ පොලිස් ඒකකය නියෝග කර තිබේ.

 

එමෙන්ම පෙර දිනයේදී නැති වූ බව කියන ඔහුගේ ජංගම දුරකථනය ඊයේ දිනයේ දී පොලිස් ඒකකය වෙත භාරදී ඇත.

 

මීට පෙර මෙම සිද්ධියට අදාළව සෙසු ක්‍රීඩකයන්ගෙන් ද ජංගම දුරකථන පොලිස් ඒකකය විසින් භාර ගෙන තිබූ අතර ඒ සියලු දෙනා සිය ජංගම දුරකථන විමර්ශනය සඳහා ලබා දුන්නත් සචිත්‍ර සේනානායක දී තිබුණේ සිය බිරිඳගේ ජංගම දුරකථනයයි.

 

එමෙන්ම මෙම විමර්ශන ඒකකයට කැඳවූ අවස්ථා තුනක් සහිත සේනානායක විසින් මීට පෙර මඟ හැර තිබුණි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා