යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා කොරෝනා මර්දන එන්නත අද(06) ලබා ගත්තේය.
අද පෙරවරුවේ යුද හමුදා රෝහලේදී ඇස්ට්‍රසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ඔහු ලබා ගත් අවස්ථාවට ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ද සහභාගි විය.
ප්‍රවීණ ගායන ශිල්පීන් වන අමරසිරි පීරිස් , සේනානායක වේරලියද්ද, ජානක වික්‍රමසිංහ සහ කරුණාරත්න දිවුල්ගනේ යන මහත්වරුන්ද යුද හමුදාපතිවරයා සමග කොවිඩ් එන්නත ලබාගෙන තිබුණි.